ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ තුන්වන පන්දුවාර විස්සයි විස්ස තරඟය කලින් සැලසුම් කළ පරිදි පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව පාකිස්තාන ක්‍රිකට් සභාපති නජාම් සේති දුන්යා සඳහන් කළ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සමාජිකයෙක් පාකිස්තාන ක්‍රිකට් සභාපතිට තහවුරු කර ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
නවසීලන්තයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශේෂ රැස්වීමකට සහභාගී වී නැවත පැමිණි අතර තුර ලාහෝර්හි ඇලමා ඉක්බාල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පකිස්ථාන ක්‍රිකට් සභාපතිවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ කරුණු දක්වා තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි විස්ස තරඟය සඳහා පාකිස්තානයේ ලාහෝර් නුවර යාමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ඇතුළු සහායක කාර්ය මණ්ඩලය කැමැත්ත පළකර ඇති බව වාර්තා වනවා.
දෙරට අතර පැවැත්වෙන මෙම තරඟය ලාහෝර් නුවරදී පැවැත්වීමට ගෙන ඇති තීරණය පිළිබඳ යළි සලකා බලන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 40 දෙනෙකු ක්‍රිකට් ආයතනය වෙත ලිපියක්ද පසුගියදා භාර දෙනු ලැබුවා.
කෙසේ වෙතත් ක්‍රීඩකයන්ගේ මෙම ඉලලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ තීරණය අද ප්‍රකාශ කිරීමට නියමිතයි.