කාසියේ වාසිය දිනු පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කරයි

Monday, 16 October 2017 - 16:06

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. ඒ අබුඩාබිහිදීයි.

තරගයේ කාසියේ වාසිය දිනු පකිස්ථාන කණ්ඩායමයි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇත්තේ.

දෙරට අතර පළමු එක්දින තරගයෙන් පකිස්ථානයට ලකුණු 83 ක ජයක් හිමිවුනා.

පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනසකින් තොරව අද තරගයට ද එක්වී තිබෙනවා.

නිරෝෂන් දික්වැල්ල / උපුල් තරංග / දිනේෂ් චන්දිමාල් / ලහිරු තිරිමාන්න / කුසල් මෙන්ඩිස් / මිලින්ද සිරිවර්ධන / තිසර පෙරේරා / අකිල ධනංජය / ජෙෆ්රි වැන්ඩසේ / සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ අද කණ්ඩායමේ සාමාජිකයන් වනවා.

පකිස්ථාන නායක සෆ්රාස් අහමඩ් ප්‍රකාශ කළේ අද තම කණ්ඩායමේ වෙනසක් සිදු නොවන බවයි.

පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම අද තරගයට ද එක්වන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මේ අතර මෙම එක්දින තරගය පකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු අහමඩ් ශේෂාඩ් ට ඉතා තීරණාත්මක තරගයක් වනු ඇති බව ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙනවා.

ඊට හේතුව වී ඇත්තේ පසුගිය එක්දින තරග 11 කදී ඔහු ඉතා අඩු ලකුණු මට්ටමක සිටීමයි.

පසුගිය තරග 11 කදී ඔහු ලකුණු ලබාගෙන ඇත්තේ පිළිවෙලින් 18 / 12 / 32 / 13 / 13 / 12 / 67 / 5 / 3 / 12 සහ 0 ලෙසටයි. විචාරකයන් පෙන්වා දෙන්නේ මෙය දක්ෂතා දැක්වීමට ඔහුට ලැබෙන අවසාන අවස්ථාව වනු ඇති බවයි.