ශ්රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 32 ක ජයක් ලබාගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත්වුනා.
අබුඩාබිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 219 ක් ලබාගත්තා.
බාබර් අසාම් 101 යි. ලහිරු ගමගේ කඩුළු 3ක් සහ තිසර පෙරේරා කඩුලු 2 ක් බිඳහෙලුවා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 187 ක් පමණයි.
නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ උපුල් තරංග නොදැවී ලකුණු 112 ක් ලබාගත්තා. ඊට හතරේ පහර 14 ක් ඇතුලත්.
මෙය උපුල් තරංගගේ 15 වන එක්දින ශතකයයි.
ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 22 ක් සහ ලහිරු තිරිමාන්න ලකුණු 12 ක් රැස් කළා.
වෙනත් කිසිදු ක්රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසුකර යාමට හැකියාවක් ලැබුනේ නැහැ.
මෙම ජයත් සමග තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2 ට බින්දුවක් ලෙසට පකිස්ථානය ඉදිරියෙන් පසුවනවා.
පකිස්ථානය සහ ශ්රී ලංකාව අතර 3 වන එක්දින තරගය ලබන බදාදා අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි.