ශ්‍රී ලංකා පාකිස්ථාන එක්දින තරඟාවලියට සදීර සමරවික්‍රම කැඳවයි

Wednesday, 18 October 2017 - 7:22

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%AF%E0%B7%93%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට තීරණය කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

දකුණත් පිතිකරුවෙකු වන සදීර කඩුලු රකින්නෙකු ලෙසද කටයුතු කරන අතර මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන තරඟාවලිය සඳහා සහභාගී වී සිටිනවා.

ජාත්‍යන්තර ටෙස්ට් තරඟයක් පමණක් ක්‍රීඩා කට ඇති මොහු පළමු පෙළ තරඟ 28කට ක්‍රීඩා කරමින් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2121ක්.

සදීර සමරවික්‍රමගේ ප්‍රහාරාත්මක වේගය 81.42ක් ලෙසටයි වාර්තා වන්නේ.

මේ අතර පකිස්ථානය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා නම්කර ඇතැයි ඉන්දීය ක්‍රීඩා පුවත් වේබ් අඩවියක් පවසනවා.