චාමර කපුගෙදර නොසිතූ අනතුරකට ලක්වෙයි

Thursday, 19 October 2017 - 8:04

%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB+%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන අතර ඊයේ (18) පැවති තුන්වන එක්දින තරගය අතරතුර චාමර කපුගෙදර අනතුරකට ලක්ව තිබෙනවා.

නිරෝෂන් දික්වැල්ල විසින් යොමුකළ පන්දුවක් නොසිතූ මොහොතක චාමර කපුගෙදරගේ ඇස අසල වැදී ඇති අතර එමගින් ඔහුගේ ඇස අවට ඉදිමී තිබුණා.

සිදුවීමෙන් අනතුරුව චාමර කපුගෙදර ප්‍රතිකාර සඳහා පිටව ගියා.

එමෙන්ම ඊයේ (18) පවති තරඟයේ කඩුලු 7 ක ජයක් ලබාගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත්වුනා.

ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ ජය 3 ට බින්දුවක් ලෙසට ඔවුන් හිමි කර ගත්තා.

අබුඩාබිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 2 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 208 ක්.

නායක උපුල් තරංග ලකුණු 61 ක් සහ තිසර පෙරේරා ලකුණු 38 ක් ලබාගත්තා.

පන්දු යැවීමේ දී හසන් අලි ලකුණු 34 කට කඩුලු 5 ක් බිඳහෙලුවා.

පිළිතුරු  ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 42 යි පන්දු 3 කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉමාම් උල් හක් 100 යි.

මොහොමඩ් හෆීස් නොදැවි ලකුණු 34 ක් ලබාගත්තා.

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ 4වන තරගය ලබන සිකුරාදා සාජාහිදී පැවැත්වීමට නියමිතයි.


!!@@iqwii!!@@$#$#$%^$%# by shoaibvideos