මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීම සැක සහිත බවට ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක්

Thursday, 19 October 2017 - 20:19

%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A+%E0%B7%84%E0%B7%86%E0%B7%93%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
පකිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩක මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයේදී මෙම සැක සහිත ඉරියව්ව නිරීක්ෂණය වු බවටයි තරග තීරකයන් පැමිණිලි කර ඇත්තේ.

මේ අනුව මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීම ඉදිරියේදී විශේෂ නිරීක්ෂණයකට ලක්කරනු ඇති.

ඊට අමතරව දින 14 ක් ඇතුලත ඔහු විශේෂ පරීක්ෂණයකට ද ලක් කිරීමට නියමිතයි.

පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලැබෙන තෙක් ඔහුට සාමාන්‍ය පරිදි පන්දු යැවීමට අවසර හිමිවනවා.

ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවු තුන්වන අවස්ථාව මෙය බවයි.

2014 වසරේ දෙසැම්බර් මාසයේදී ඔහු පළමු වරට පන්දු යැවීමේ තහනමකට ලක්වු අතර අනතුරුව 2015 අප්‍රේල් මාසයේදී යළිත් පන්දු යැවීමට අවසර හිමිවුනා.

ඒ පරීක්ෂණවලින් අනතුරුවයි.

පසුව 2015 ජුනි මාසයේදී යළිත් ඔහුට පන්දු යැවීමේ තහනමක් පැනවුනා.

අනුව සිදු කෙරුනු පරීක්ෂණවලින් පසු 2015 ජුලි මාසයේ සිට වසරක කාලයක් මොහොමඩ් හෆීස්ට පන්දු යැවීම තහනම් කෙරුනා.

2016 වසරේ නොවැම්බර් මාසයේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂනයකට ලක්වීමෙන් පසුව එම ඉරියව්ව නිත්‍යානුකුල බවට තහවුරු වීමෙන් යළිත් පන්දු යැවීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග අබුඩාබිහිදී පැවති තුන්වන එක්දින තරගයේදී මොහොමඩ් හෆීස් පන්දුවාර 8 ක් යොමු කළ අතර එක් කඩුල්ලක් දවාගත්තා.

එම තරගයෙන් පකිස්ථානයට කඩුලු 7 ක ජයක් හිමිවුනා.