කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තීරණය කරයි

Friday, 20 October 2017 - 15:15

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර හතරවන එක්දින තරගය සාජාහිදී අද පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කර ඇත්තේ.

තරගය පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම සහ පකිස්ථානය වෙනුවෙන් උස්මන් ඛාන් එක්දින වරම් ලබාගෙන තිබෙනවා.

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල / උපුල් තරංග / දිනේෂ් චන්දිමාල් / ලහිරු තිරිමාන්න / මිලින්ද සිරිවර්ධන / සීක්කුගේ ප්‍රසන්න / තිසර පෙරේරා / අකිල ධනංජය / සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ එක්වනවා.

පකිස්ථාන කණ්ඩායමට  ඉමාම් උල් හක් / ෆකාර් සමාන් / බාබර් අසාම් / මොහොමඩ් හෆීස් / ශොයිබ් මලික් / සෆ්රාස් අහමඩ් / ඉමාඩ් වසීම් / ෂදාබ් ඛාන් / හසන් අලි / සහ ජුනයිඩ් ඛාන් ඇතුලත්.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 3 ම පකිස්ථානය ජයග්‍රහණය කළා.