ලාහෝර් තරඟයට යෑම, නොයෑම ක්‍රීඩකයන්ගේ කැමැත්ත - සංගක්කාර

Friday, 20 October 2017 - 16:18

%E0%B6%BD%E0%B7%8F%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%2C+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B7%91%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+-+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB
පකිස්ථානයේ ලාහෝර් හි පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - පකිස්ථාන 03 වන එක දින තරඟය සඳහා පකිස්ථානයට යාම හෝ නොයාම ක්‍රීඩකයන් විසින්ම ගත යුතු තීරණයක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසනවා.

ලාහෝර් හි පැවැත්වෙන තරඟය සඳහා සභාගී වන ලෙසට ක්‍රීඩකයන්ට බල නොකළ යුතු බවයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායක සංගක්කාර මේ බව සඳහන් කර ඇත්තේ විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

2009 මාර්තු 03 වනදා පකිස්ථාන ලාහෝර් නුවර දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ගමන් ගත බස් රථයට ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයක් එල්ල වුනා.

එම අවස්ථාවේ දී සංගක්කාර ද එම බස් රථය තුළ සිටියා.

\" හරි දේ බල කරන එක නෙමෙයි. යනවද නැද්ද කියා තීරණය කරන්න ඕන ක්‍රීඩකයන්. ශ්‍රී ලංකා, පකිස්ථාන ක්‍රිකට් මණ්ඩල, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක සංගමය, හැමෝම එකතු වී විවෘත සංවාදයක් පවත්වා එයින් නිලධාරීන්ට, ක්‍රීඩකයන්ට, පවුල්වල අයට විනිවිදභාවයක් ඇති කරන්න තිබුනා.\'

\" හැබැයි පකිස්ථානයට යළි ක්‍රිකට් ගෙනයාම හරි වැදගත්. ලෝක පිලත් ක්‍රීඩා කළ එක හොඳයි එහෙ. තමන්ගේ රටේ තමන්ගේ ක්‍රීඩාව බලන්න පකිස්ථාන ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව තිබිය යුතුයි.\"