සිව්වන එක්දින තරඟයේ ජය පකිස්ථානයට

Friday, 20 October 2017 - 22:03

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති හතරවන එක්දින තරගය කඩුලු 07කින් ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

කාසිය වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 173ක්.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ ළහිරු තිරිමාන්නයි.

ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 62 ක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකුම කිසිදු ලකුණක් නොලබා දැවී ගිය අතර අද එක්දින වරම් ලැබු සධීර සමරවික්‍රම ද ඊට අයත්.

ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 39යි අවසානයේදී එම ඉලක්කය පසු කර යාමට සමත් වුණා.

පකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන ගිය බාබර් අසාම් සහ ෂොයිබ් මලික් නොදැවී ලකුණු 69 බැගින් රැසක් කළා.

ඒ අනුව තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 04ට බින්දුවක් ලෙස පකිස්ථානය පෙරමුණේ පසුවනවා.

මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම් නොකඩවා ලද 11 වන ජාත්‍යන්තර එක්දින තරඟ පරාජය මෙය වීමද විශේෂත්වයක්.