පකිස්ථානයට එරෙහි 20 යි 20 සංචිතය නම් කරයි - නායකත්වය තිසරට

Saturday, 21 October 2017 - 14:48

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+20+%E0%B6%BA%E0%B7%92+20+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%A7
පකිස්ථානය සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියේ නායකත්වයට තිසර පෙරේරා පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි මේබව කියාසිටියේ.

දිල්ෂාන් මුණවීර / ධනුෂ්ක ගුණතිලක / සධීර සමරවික්‍රම / අශාන් ප්‍රියන්ජන් / මහේල උඩවත්ත / දසුන් ශානක / මිනෝද් භානුක / සචිත් පතිරණ / විකුම් සංජය / ලහිරු ගමගේ / සීක්කුගේ ප්‍රසන්න / විශ්ව ප්‍රනාන්දු / ඉසුරු උදාන / ජෙෆ්රි වැන්ඩසේ සහ චතුරංග ද සිල්වා පකිස්ථානයට එරෙහි 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්.

මහේල උඩවත්ත වසර 8 කින් පසු ශ්‍රී ලංකා සංචිතයට නම් කර ඇති අතර මිනෝද් භානුක ශ්‍රී ලංකා සංචිතයට නම් කෙරුනේ පළමු වතාවටයි.

මෙම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ටෙස්ට් සහ එක්දින සංචිතයට ඇතුළත් නොවුණු ක්‍රීඩකයන් 11 දෙනෙකු විස්සයි විස්ස තරගාවලියට නම් කර තිබීම විශේෂත්වයක්. 

ලාහෝර් නුවර පැවැත්වෙන අවසන් 20 යි 20 තරගය ආරක්ෂක හේතුන් මත වෙනත් රටක පවත්වන ලෙසට ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්  ඉල්ලීම් කර තිබු අතර නායක උපුල් තරංග මෙම තරගාවලියට සහභාගී නොවන බව ද ප්‍රකාශ කළා.

මේ හේතුවෙනුයි 20 යි 20 කණ්ඩායමට නව නායකයෙක් පත්කර ඇත්තේ.

20 යි 20 කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුනු තිසර පෙරේරා ලෝක කණ්ඩායම සමග පසුගියදා පකිස්ථානයේ සංචාරයක නිරතවුනා.

20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා නම්කර ඇතැයි ඉන්දීය ක්‍රීඩා පුවත් වේබ් අඩවියක් උපුටා දක්වමින් අප පසුගියදා වාර්තා කළා.

පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර 20 යි 20 තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.

අවසන් තරගය වෙනත් රටකදී පවත්වන ලෙසට ක්‍රීඩකයන් 40 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද ඉල්ලීමක් කර තිබුනා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ තීරණය කර ඇති ආකාරයෙන්ම අවසන් තරගය ලාහෝර් නුවරදී පැවැත්වීමටයි.

තරග 3 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය ලබන 26 වනදා ආරම්භ වන අතර මතබේධයකට ලක්ව ඇති අවසන් තරගය ලාහෝර් නුනර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ ලබන 29 වනදායි.

ආරක්ෂක හේතුන් මත ප්‍රබල ක්‍රීඩකයන් වන ඇන්ජෙලෝ මැතිව්ස් මෙන්ම ලසිත් මාලිංග ද මෙම තරගාවලියෙන් ඉවත්වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ආරක්ෂක හේතුන් මත ක්‍රීඩකයන් ලාහෝර් නුවරට යාමට අකමැත්තක් දැක්වීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ / පුහුණුකරු නික් පොතාස් / පිතිකරණ පුහුණුකරු හෂාන් තිලකරත්න සහ පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක ද ලාහෝර් නුවරට යාමටයි මේවන විට තීරණය කර ඇත්තේ.