පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණු තිසර පෙරේරා පවසනවා.
ඔහු පවසනේ සෑම ක්‍රීඩකයෙකුටම නායකයෙකු වීමේ සිහිනයක් පවතින බවයි.
තිසර පෙරේරා පවසන්නේ පකිස්ථානය කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියට නම් කර ඇති සංචිතය සම්බන්දයෙන්ද තමන් සතුටට පත්වන බවයි.
එම සංචිතයට නම් කර ඇති ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් ද සතුටට පත්වන බවද ඔහු පවසා තිබෙනවා.
මෙම තරඟාවලිය තුල වෙනසක් සිදුකිරීමට බලාපොරොතුවන බවත් තම කණ්ඩායම සමඟ එක්ව රට වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන බව තිසර
ක්‍රීඩා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.
දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟය ලබන 26 වනදා සහ දෙවන තරඟය 27දා පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීයි.
තුන්වන තරඟය පකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ.
තිසර පෙරේරා කියා සිටියේ පකිස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවයි.
විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුනු තිසර පෙරේරා ලෝක කණ්ඩායම සමඟ පසුගියදා පකිස්ථානයේ සංචාරයක නිරත වුනා.
පකිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කරනු ලැබුවා.
තිසර පෙරේරා (නායක) දිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන්, මහේල උඩවත්ත, දසුන් ශානක, මිනෝද් භානුක, සචිත් පතිරණ, විකුම් සංජය, ලහිරු ගමගේ, සීක්කුගේ ප්‍රසන්න, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩසේ සහ චතුරංග ද සිල්වා යන ක්‍රීඩකයින් එම සංචිතයට ඇතුලත්.
ලාහෝර් නුවර පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරඟය ආරක්ෂක හේතුන් මත වෙනත් රටක පවත්වන ලෙසට ක්‍රීඩකයන් පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීම් කර තිබූ අතර පන්දු වාර විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක උපුල් තරංග මෙම තරගාවලියට සහභාගී නොවන බව ද ප්‍රකාශ කළා.