ශ්‍රී ලංකා පිලට අවමානයෙන් ගැළවීමේ අවසන් අවස්ථාව අද

Monday, 23 October 2017 - 8:15

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%85%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
පිට පිට එක්දින තරගාවලි දෙකක් පරාජයට පත්වීමෙන් පසුව ඇතිව තිබෙන අවමානයෙන් ගැළවීමේ අවසන් අවස්ථාව අද ශ්‍රී ලංකා කණ්ඩායමට උදාවනවා.

පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පස්වන සහ අවසන් තරගය අද පැවැත්වෙන්නේ සාජා හිදියි.

මේ වනවිටත් මෙම තරගාවලිය 4 - 0 ක් ලෙස පාකිස්ථානය ජයගෙන අවසන්.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති  එක්දින තරගාවලියේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව පිට පිට එක්දින තරග 11ක් පරාජයට පත්ව ඇති අතර මීට පෙර 1988 වසරේදි ශ්‍රී ලංකාව එක්දින තරග 14ක් පිට පිට පරාජයට පත්වුණා.

එමෙන්ම පාකිස්ථාන කණ්ඩායම සමඟ එක්දින තරගාවලියට පෙර ඉන්දියාවට එරෙහිව පැවති එක්දින තරග 05 ද ශ්‍රී ලංකාව පරාජයට පත්වීමද විශේෂත්වයක්.