20 - 20 තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට හෂාන් ?

Monday, 23 October 2017 - 9:10

20+-+20+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%3F
මේ වන විට ශ්‍රී කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන හෂාන් තිලකරත්න කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පකිස්ථාන සමඟ පැවතෙන පන්දුවාර 20-20 තරඟාවලියේදී කටයුතු කරනු ඇති බවට ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරේ කටයුතු කරන දකුණු අප්‍රිකානු ජාතික නික් පොතාස් පකිස්ථානය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියට සහභාගී නොවීමට පසුගියදා තීරණය කළා.

ඒ අනුව අද පකිස්ථානය සමඟ පැවැත්වෙන පස්වන එක්දින තරඟයෙන් අනතුරුව නික් පොතාස් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව සඳහන්.

දෙරට අතර පැවැත්වෙන පන්දුවාර 20 තරඟාවලියේ පකිස්ථානයේ ලාහෝර් නුවර පැවැත්වීමට සැලසුම්කර ඇති තුන්වන විස්සයි විස්ස තරඟය සඳහා පකිස්ථානය වෙත යාමට අකමැති වීම හේතුවෙන් නික් පොතාස් විස්සයි විස්ස තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩු වන ප්‍රධාන පුහුණුකරු ධුරයේ හෂාන් තිලකරත්න තාවකාලිකව කටයුතු කරනු ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මේ අතර පකිස්ථානය සමඟ විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයද නම් කෙරුනු අතර එහි නායකත්වය පවරා ඇත්තේ තිසර පෙරේරාටයි.

එම සංචිතයට ටෙස්ට් තරගාවලියට සහ එක්දින තරගාවලියට එක් නොවු ක්‍රීඩකයන් 11 දෙනෙකු නම්කර තිබීම ද විශේෂත්වයක්.

දිල්ෂාන් මුණවීර,  ධනුෂ්ක ගුණතිලක,  සධීර සමරවික්‍රම,  අශාන් ප්‍රියන්ජන්,  මහේල උඩවත්ත, දසුන් ශානක, මිනෝද් භානුක,  සචිත් පතිරණ,  විකුම් සංජය, ලහිරු ගමගේ,  සීක්කුගේ ප්‍රසන්න,  විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩසේ සහ චතුරංග ද සිල්වා පකිස්ථානයට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්.

දෙරට අතර පැවැත්වෙන පන්දුවාර 20-20 තරඟාවලිය ලබන 26 වනදා අරම්හ වීමට නියමිතයි.