මුරලිට එරෙහි වූ ඩැරල් හෙයා සොරකම් කළ බව පිළිගනී

Tuesday, 24 October 2017 - 12:42

%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%A9%E0%B7%90%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
1995 වසරේ  ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට චෝදනා කළ විනිසුරු ඩැරල් හෙයා මත්පැන් අලෙවිසැලකින් මුදල් සොරා ගත් බව පිළිගෙන තිබෙනවා.

විනිසුරු දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු සූදුවට ඇබ්බැහි වී ඇති ඔහු නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසැලක සේවය කර ඇති අතර, එහිදී මුදල් සොරා ගත් බව සී.සී.ටී.වී. කැමරා දර්ශනවලින් අනාවරණ වී ඇති බව සඳහන්.

මේ වසරේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ඔහු මෙලෙස ඩොලර් 9000කට වැඩි මුදලක් සොරාගෙන ඇති අතර, අධිකරණය ඉදිරියේ වරද පිළිගත් බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කළේ.

ඔහුට සොරගත් මුදල ආපසු ලබාදෙන ලෙස නියෝග කළ විනිසුරුවරයා මානසික අවපීඩනය සහ ඇබ්බැහිවීම සම්බන්ධයෙන් උපදේශන සේවාවකට ද යොමු කර තිබෙනවා.

එමෙන්ම හිටපු විනිසුරු ඩැරල් හෙයාට මාස 18ක අත්හිටවූ සිර දඬුවමක් ද අධිකරණය මගින් නියම කළා.

rnrn\r\n