ඩුබායි ගිය ක්‍රිකට් නිලධාරියා රටේ ගෞරවය කෙලෙසයි (ඡායාරූප)

Tuesday, 24 October 2017 - 16:28

%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සම්බන්ධ  නිලධාරියෙකු තමන්ට අයුතු යෝජනාවක් කළ බව ඩුබායි හී ජිවත්වන මුනාසා ජිලානි නමැති ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනියක් චෝදනා කරනවා.

අදාල ශ්‍රී ලංකා නිලධාරියා whatsapp හරහා ඇය සමග මෙලෙස අයුතු යෝජනා ඉදිරිපත් කරමින් කෙටි පණිවුඩ එවූ බවයි ඇය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙන්නේ.

එම සංවාදයේ පින්තුරය (screenshot)  ඇය සිය ට්විටර් ගිණුමට ඇතුළත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ තමන් මෙම නිලධාරියාගේ තොරතුරු ප්‍රසිද්ධ කළ යුතුද? යන්නයි.  

කෙසේවෙතත් අප කළ සොයා බැලීමක දී අනාවරණ වුනේ මෙරට සිටින ක්‍රිකට් පරිපාලන ප්‍රබලයෙක් අදාළ සිදු වීමෙන් පසු සිය නිලධාරියාව ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇති බවයි.

ඩුබායි හී ජිවත්වන මුනාසා ජිලානි නමැති ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනිය , සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබු එම සංවාදය පහතින්.

\"\" \"\" \"\"

\"\" \"\"