වාර්තා සිහිනය බොඳව ගිය ඉන්දීය ආරම්භක පිතිකරුවා

Friday, 17 November 2017 - 16:28

%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9C%E0%B6%B3%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූණා.

මෙම තරඟයේදී වාර්තාවක් බිඳ හෙලමින් වාර්තාගත ඉනිමක් ක්‍රීඩාකිරීමට තිබූ අවස්ථාව ඉන්දීය කණ්ඩයමේ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ට අවාසනාවන්ත ලෙස අහිමි වී ගියා.

සුරංග ලක්මාල් යැවූ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වෙත උඩපන්දුවක් ලබාදී දැවී ගියේ ඔහු මුහුණ දුන් පළමු පළමු පන්දුවේදීයි.

ඔහුගේ මෙම අවාසනාවන්ත දැවී යාමත් සමඟ ටෙස්ට් ඉනිම් අටකදී අඛණ්ඩව අර්ධ ශතක රැස්කළ ලොව පළමු පිතිකරුවා වීමේ අවස්ථාව ලෝකේෂ් රාහුල්ට අහිමි වී ගියා.

ලෝකේෂ් රාහුල් මීට පෙර ටෙස්ට් ඉනිම් හතකදී අඛණ්ඩව අර්ධ ශතක රැස් කරගෙන ඇති අතර මේ වන විට ටෙස්ට් තරඟ 20කට සනභාගී වී රැස්‌ කරගෙන ඇති සමස්ත අර්ධ ශතක සංඛ්‍යාව 09ක්.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව වාර්තාකළ වැඩිම අර්ධ ශතක සංඛ්‍යාව 07ක් වන අතර, ලෝකේෂ් රාහුල් සමඟ පිතිකරුවන් 06 දෙනෙකු මෙම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ සිටිනවා.

බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක එවටන් වීක්ස්, සිම්බාබ්වේ කණ්ඩායමේ ඇන්ඩි ෆ්ලවර්න,කොදෙව් ක්‍රීඩක ශිවනරීන් චන්ද්‍රපෝල්, ශ්‍රී ලංකාවේ කුමාර සංගක්කාර, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රිස් රොජර්ස් සහ ඉන්දියාවේ ලෝකේෂ් රාහුල් මෙම ක්‍රීඩකයන් වනවා.

ලෝකේෂ් රාහුල් අවසන් වරට සිදුකළ ශ්‍රී ලංකා තරඟ සංචාරයේදී අර්ධ ශතක දෙකක් (85, 57) සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර නිමාවූ ටෙස්ට් තරඟාවලියේදී අර්ධ ශතක 05ක් (90, 51, 67, 60, 51) අඛණ්ඩව රැස්කිරීමට සමත් වුණා.

මේ අතර ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේදී දක්ෂ පන්දු යැවීමක නිරතවූ සුරංග ලක්මාල් ඉන්දීය කඩුලු 03ක් දවාගෙන සිටින්නේ ටෙස්ට් තරඟයකදී පළමු ලකුණ ලබාදීමට පෙර වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවක් (පන්දු 46 ක්) යවමින් ලෝක වාර්තාවක්ද සමඟින්.

මීට පෙර 2015 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරොම් ටේලර් නිල ටෙස්ට් තරඟයකදී පළමු ලකුණ ලබාදීමට පෙර නිලකුණු පන්දු 40 ක් යවමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.

\"\"

rn\r\n