ඉන්දු ලංකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමා වෙයි

Saturday, 18 November 2017 - 16:30

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය නිමාවට පත්වුනා.

අද දිනයේ තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 165 ක් ලබා සිටිනවා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 52 ක් සහ ලහිරු තිරිමාන්න ලකුණු 51 ක් ලබාගත්තා.

සධීර සමරවික්‍රම ලකුණු 23 යි.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 13 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 14 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.

බුවනේෂ්වර් කුමාර් සහ උමේෂ් යාදෙව් කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

ඉන්දීය පළමු ඉනිම සියලුදෙනා දැවී 172 යි.

මේ අතර දිනය අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලහිරු තිරිමාන්න කියාසිටියේ ඉන්දියාව ලකුණු 172 කට දවා ගැනීම අභියෝගාත්මක වු බවයි.

සමස්තයක් ලෙසට ගත් කළ කණ්ඩායමේ පිතිකරුවන් අද දිනයේ හොඳින් ක්‍රීඩා කළ බව ද ඔහු පෙන්වා දෙනවා.

කඩුල්ලේ රැඳී සිට පන්දුවට පහරදීම පමණක්ම නොව ලකුණු රැස් කිරීම වෙනුවෙන් ඉහළ අවධානයක් යොමු කිරීමට ඇන්ජෙලෝ මැතිව්ස් සහ තමා සාකච්ඡා  කරගත් බව ද තිරිමාන්න ප්‍රකාශ කළා.

වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට හැකියාවක් නොලැබුනු අතර එය මෙම තණතිල්ලේ ස්වභාවය බවයි ලහිරු තිරිමාන්න කියාසිටියේ.

කෙසේවෙතත් වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීම කණ්ඩායමේ මුලික අරමුණ වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.