දකුණු අප්‍රිකා පිතිකරුවෙකුගෙන් සුපිරි වාර්තාවක්

Sunday, 19 November 2017 - 12:09

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
එක්දින ක්‍රිකට් තරගයකදී පන්දු 151 කින් ලකුණු 490 ක් රැස්කර ගැනීමට දකුණු අප්‍රිකා ප්‍රාන්ත පිතිකරුවෙකු වු ශේන් ඩැඩ්ස්වෙල් සමත්වී තිබෙනවා.

ඒ NWU Pukke සහ Potch Dorp 1st කණ්ඩායම් අතර පැවති ප්‍රාන්ත තරගයකදීයි.

ශේන් ඩැඩ්ස්වෙල් නියෝජනය කළ NWU Pukke කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී ලබාගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 3 කට ලකුණු 677 ක්.

මෙම තරගයෙන් ප්‍රතිවාදී Potch Dorp 1st කණ්ඩායම පරාජයට පත්වු අතර ඔවුන්ට පන්දුවාර 50 දී ලබාගැනීමට හැකිවුයේ කඩුලු 9 ක් දැවී ලකුණු 290 ක් පමණයි.

20 හැවිරිදි ශේන් ඩැඩ්ස්වෙල් රැස් කළ ලකුණු 490 ට හයේ පහර 57 ක් සහ හතරේ පහර 27 ක් ඇතුලත් වුනා.

මෙම කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු ද නොදැවී පන්දු 54 ක් තුලදී ශතකයක් රැස් කිරීම විශේෂත්වයක්.

ඊට හයේ පහර 6 ක් සහ හතරේ පහර 12 ක් ඇතුලත්.

Potch Dorp 1st කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේදී පන්දු යැවීමෙන් ද දස්කම් දැක්වු ශේන් ඩැඩ්ස්වෙල් කඩුලු 3 ක් දවා ගැනීමට ද සමත්වුනා.

ඔහු NWU Pukke කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසට ද කටයුතු කරන බවයි ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර එක්දින තරඟයකදී වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩයා ලෙස ඉනිදියානු කණ්ඩායමේ රෝහිත් ෂර්මා පෙරමුණ ගෙන සිටින්නේ ලකුණු 264ක් ලබා ගනිමින්.

ක්‍රිකට් විචාරකයින් පවසන අන්දමට ශේන් ඩැඩ්ස්වෙල්ගේ ලකුණු 490 රෝහිත් ෂර්මා ලබා ගෙන තිබූ ලකුණු 264ට අභියෝගයක් එක්කළ ලකුණු සංඛ්‍යාවක් බවයි.


\"South