ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය නිමා වෙයි

Sunday, 19 November 2017 - 16:54

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ සිව් වන දිනය අදයි.

අද දිනයට තරඟය අවසන් කරනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 171ක්.

සිව්වන දිනට තරඟය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි කුල්කේෂ් රාහුල් ලකුණු 73ක් සහ චේතිශ්වර් පුජාරා ලකුණු 02ක් සහ රැස් කරගෙන සිටියා.

ඉන්දීය පළමු කඩුල්ල ලෙස දැවී ගිය ශිකර් ධාවන් පන්දු 114කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 94ක්.

සිය 07 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකයට ලකුණු 06ක් තිබියදී ධාවන් දැවී ගියේ දසුන් ශානකගේ පන්දුවකට නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරඟයේදී පළමු ඉනිම ඉනිම වෙනුවෙන්  ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙන දැවී ලකුණු 294ක් ලබා ගත්තා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ රංගන හේරත්.

රංගන හේරත් ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ලකුණු  67 රැස් කළ අතර ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 52 ක් සහ ළහිරු තිරිමාන්න ලකුණු 51 ක් ලබාගත්තා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 122ක් පිටුපසින් සිටිමින්.

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 172ක් පමණයි.