19න් පහළ ආසියානු කුසලානය ඇෆ්ගනිස්ථාන සතු කරගනී

Sunday, 19 November 2017 - 17:51

19%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට ඇෆ්ගනිස්ථාන 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා.

ඒ අවසන් තරඟයේදී පකිස්ථාන කණ්ඩායම ලකුණු 185කින් පරාජයට පත්කරමින්.

මැලේසියාවේදී පැවති තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 07ට රැස් කළ ලකුණු සංඛ්‍යාව 248ක්.

එහිදී  ඉක්රම් ෆාසිල් නොදැවී ලකුණු 107ක් රැස් කළේ පන්දු 113කදී හතරේ පහර 10ක් සහ හතරේ පහර 02ක්ද සමඟින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට සියලු දෙනා රැස්කළ හැකිවූයේ ලකුණු 63ක් පමණයි.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මුජීබ් සාඩ්‍රාන් කඩුලු පහක් දවාගත්තේ ලකුණු 13ක් පමණක් ලබා දෙමින්.

\"\" \"\"