Update - ශ්‍රී ලංකා ඉන්දියා දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමා වෙයි

Friday, 24 November 2017 - 15:59

Update+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සමඟ අද ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය අද නිමාවට පත් වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 11ක් ලබා සිටියා.

කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 205ක් පමණයි.

එහිදී නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 57ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 51ක් ලබා ගත්තා.

Update :- Friday, November 24, 2017  7.06 Pm
---------------------------------------------------------

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නාග්පූර් හිදී අද ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 205ක් රැස්කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 51ක් සහ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 57ක් රැස් කළා.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 24යි.

පන්දු යැවීමේදී ඉෂාන්ත් ශර්මා කඩුලු 03ක් බිඳ දැමු අතර මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන්  ශ්‍රේණිගත කිරීම් හි තෙවන සහ සිව්වන ස්ථානයේ පසුවන රවින්ද්‍ර ජඩේජා සහ රවීචන්ද්‍රන් අශ්වින් පිළිවෙළින් කඩුලු 03ක් සහ 04ක් බිඳ දැමුවා.

අද තරඟය සඳහා ඉන්දීය කණ්ඩායමේ මොහොමඩ් ෂමී, ෂිකර් ධවාන් සහ බුවනේෂ්වර් කුමාර් ඉන්දීය පිලට එක් නොවන අතර, ඒ වෙනුවට ඉෂාන්ට් ෂර්මා, මුරලි විජේ සහ රොහිත් ෂර්මා එක්ව සිටිනවා.

\"\"