එක්දින කණ්ඩායමේ නායකත්වය තිසරට ?

Tuesday, 28 November 2017 - 17:14

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%A7+%3F
ශ්‍රී ලංකා එක්දින සහ 20 යි 20 කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා බොහෝ දුරට නම් කෙරෙනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

නායකත්වය සඳහා හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් / දිනේෂ් චන්දිමාල් / ලහිරු තිරිමාන්න මෙන්න නිරෝෂන් දික්වැල්ලගේ ද නම් ද යෝජනා වී තිබුනා.

කෙසේවෙතත් ඒ අතුරින් තිසර පෙරේරා නායකත්වයට පත් කිරීමේ වැඩි හැකියාවක් පවතින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

පකිස්ථාන තරග සංචාරයේදී 20 යි 20 තරග 3 ට ද තිසර පෙරේරා නායකත්වය ලබාදුන්නා.

පසුගිය මාස 11 ක කාලය ඇතුලත ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 26 කට ක්‍රීඩා කර ඇති අතර ඉන් 21 ක් පරාජයට පත්වී තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලබා ඇති එක්දින තරග පරාජයන් සංඛ්‍යාව 12 ක්.

ඒ අනුව මෙම පරාජයන් වලක්වා ගනිමින් 2019 ලෝක කුසලානය ඉලක්ක කරගෙන නව නායකයෙකු පත් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුවී ඇත්තේ.