එක්දින තරඟාවලියට ඉන්දියාවට යන්න හැදූ තිසරගේ නායකත්වයෙන් යුත් එක්දින කණ්ඩායමේ ගමන මඟ නවතියි

Tuesday, 05 December 2017 - 11:14

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%96+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේදී පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියට සහභාගී වීම සඳහා ගුවන්තොටුපළ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම ඊයේ මධ්‍යම රාත්‍රීයේදී නැවත නිවෙස් බලා පැමිණ තිබෙනවා.

ඒ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි මහතා හදිසියේ කළ නියෝගයක් හේතුවෙන්.

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් 09 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම මෙලෙස ඉන්දියාව බලා පිටත්ව යෑමටයි  සූදානම් වූණේ.

කෙසේ වෙතත් මෙම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොලැබීම මෙම නියෝගයට හේතුවී ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයට දැඩි නොසතුට පළකළ බවද වාර්තාවනවා.

මෙසේ එක්දින තරඟාවලිය සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට සූදානම් ව සිටියේ  තිසර පෙරේරා (නායක) , උපුල් තරංග , දනුෂ්ක ගුණතිලක , අසේල ගුණරත්න , සචිත් පතිරණ , චතුරංග ද සිල්වා , දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් යන අයයි.

මේ අතර ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම අද දිනයේදී ඉන්දියාව බලා පිටත්වීමට නියමිතයි.