ඊයේ නිමා වූ ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියෙන් පසු චන්දිමාල්ගේ ස්ථානය වෙනස් වෙයි

Thursday, 07 December 2017 - 14:34

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ නිමා වූ තුන්වන ටෙස්ට් තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කරන ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි 09 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සමත්ව තිබෙනවා.

ඉන්දියාව සමඟ තරඟ 03කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට පෙර චන්දිමාල් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් වල පසුවුනේ 17 වැනි ස්ථානයේයි.

දිනේෂ් චන්දිමාල් නිමාවූ ටෙස්ට් තරඟාවලිය තුලදී ලකුණු 366 ක් රැස් කිරීමට සමත් වුණා.

මේ අතර ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් ලැයිස්තුවේ 23 වන සහ 24 වන ස්ථාන පිළිවෙලින් ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න හිමිකරගෙන සිටිනවා.

\"\"