ඉන්දු - ශ්‍රී ලංකා පළමු එක්දින තරඟයේදී ප්‍රබල ඉන්දියාවට කලකට අමතක නොවන පරාජයක්

Sunday, 10 December 2017 - 17:10

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක් දින තරඟාවලියේ පළමු එක්දින තරඟය කඩුලු 07කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ධර්මශාලා හිදී පැවති මෙම තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 112ක් රැස් කළේ පන්දුවාර 38යි පන්දු 02කදී.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මහේන්ද්‍ර සිං දෝණි ලකුණු 65ක් රැස් කළේ හතරේ පහර 10ක් සහ හයේ පහර 02ක් සමඟින්.

කුල්දීප් යාදෙව් ලකුණු 19ක් සහ හර්දික් පාන්ඩයා ලකුණු 10ක් රැස් කළ අතර සෙසු කිසිඳු ක්‍රීඩකයෙකුටවත් ලකුණු 10 සීමාව පසුකරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

සුරංග ලක්මාල් ඉන්දීය ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමූ අතර නුවන් ප්‍රදීප් කඩුලු 02ක් සහ ඇන්ජලෝ මැතිව්ස්, අකිල ධනංජය, සචිත් පතිරණ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 113ක ජයග්‍රාහී ඉලක්කය පසුකට ගියේ පන්දුවාර 20යි පන්දු 04ක් වැය කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු උපුල් තරඟ සිය 36 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකයට එක් ලකුණක් ලබා ගැනීමට තිබියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 25ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 26 ක් රැස් කළා.

පන්දු යැවීමේදී බුම්රා, හර්දික් පන්ඩයා සහ බුවනේශ්වර් කුමාර් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 01ට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තා.

දෙරට අතර දෙවන එක්දින තරඟය මොහාලි හිදී ලබන 13 වනදා පැවැත්වෙනවා.

\"\" \"\"