ශ්‍රී ලංකාවට ප්‍රබල ඉලක්කයක්

Wednesday, 13 December 2017 - 15:06

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 393 ක ප්‍රබල ඉලක්කයක් හිමිව තිබෙනවා.

මොහාලිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 4 ක් පමණක් දැවී ලකුණු 392 ක් ලබාගත්තා.

රෝහිත් ශර්මා නොදැවී 208 යි.

ඔහුගේ ලකුණු 208 ට හතරේ පහර 13 ක් සහ හයේ පහර 12 ක් ඇතුලත්.

මෙය රෝහිත් ශර්මාගේ 3 වන එක්දින ද්විත්ව ශතකයයි.

එක්දින තරගවල ද්විත්ව ශතක 3 ක් ලබාගත් පළමු ක්‍රීඩකයා ලෙසටයි ඒ අනුව රෝහිත් ශර්මා වාර්තා අතරට එක්වන්නේ.

එක්දින කණ්ඩායමක නායකයෙකු විසින් ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙසට ද මෙය සැලකෙනවා.

රෝහිත් ශර්මා සිය 16 වන එක්දින ශතකය ලබාගත්තේ 40 වන පන්දුවාරය අවසානයේදීයි. අනෙක් සියලු ලකුණු ඔහු ලබාගත්තේ පන්දු 37 කින්.

ශ්‍රෙයාස් අයියර් ලකුණු 88 කට දැවී ගියා.

ශිකර් ධවාන් ලකුණු 68 යි.

පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලු 3 ක් බිඳහෙලුවා.

අද ඉන්දීය කණ්ඩායම ලබාගත් මෙම ලකුණු 392 මොහාලි ක්‍රීඩාංගණයේදී ඔවුන් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද වනවා.

ඔවුන් මීට පෙර මොහාලි ක්‍රීඩාංගණයේදී පකිස්ථානයට එරෙහිව කඩුලු 9 ක් දැවී ලකුණු 321 ක් ලබාගෙන තිබුනා.

එමෙන්ම මෙය මොහාලි ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වනවා.

මීට පෙර දකුණු අප්‍රිකාව නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 5 කට ලකුණු 351 ක් ලබා ගනිමින් තබා තිබු වාර්තාවයි ඒ අනුව බිඳ  වැටුනේ.

මේ අතර වාර්තාව පිහිටුවීමෙන් පසු ඉන්දීය නායක රෝහිත් ශර්මා ප්‍රේක්ෂකාගාරය දෙසට අත දිගු කර තම සතුට ප්‍රකාශකරන ආකාරයක් ද දක්නට ලැබුනා.

එහි  සිටි රෝහිත් ශර්මාගේ බිරිඳ ද මෙම වාර්තාව තැබීමත් සමග ආසනයෙන් නැගිට සිය අත්පොලසන් දෙමින් සිය සැමියාට සතුට ප්‍රකාශ කරන ආකාරය දැක ගැනීමට හැකිවුනා.

රෝහිත් ශර්මාගේ දෙවන විවාහ සංවත්සරය ද යෙදී තිබීම ද විශේෂත්වයක්.


rnrnrnrn\r\n\r\nrnrnrnrnrnrnrn\r\n
rnrnrnrn\r\n

A captain\'s knock. @ImRo45 has looked in full flow and has marched on to a well-made century. ODI Century no. 16 #TeamIndia #INDvSL pic.twitter.com/qWtwNpp7dr

\r\nrnrnrnrn— BCCI (@BCCI) December 13, 2017
\r\nrnrnrnrnrnrnrn\r\n