රෝහිත් ශර්මා, ශ්‍රී ලාංකිකයාට දුන් අමතක නොවන දේ

Wednesday, 13 December 2017 - 16:28

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේදී සිදුවු සුවිශේෂී සිදුවීමක් පිළිබඳ ඉන්දීය මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග දැක බලා ගැනීමට ඉන්දියාව බලා ගිය ලාංකිකයෙකුට හදිසියේ යළිත් මව් රටට පැමිණීමට අවශ්‍ය ටිකට්පත් ඉන්දීය ක්‍රීඩක රෝහිත් ශර්මා විසින් ලබාදීමේ සිදුවීමක්.

මොහොමඩ් නිලාම් නම් ඔහු පසුගියදා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුනේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග දැක බලා ගැනීමේ අරමුණින්.

ඔහු සමග ක්‍රිකට්වලට වඩාත් ආදරය කරන මිතුරන් දෙදෙනෙකු ද ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබු බව සඳහන්.

පළමු ටෙස්ට් තරග දෙකේදීම ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රේක්ෂකාගාරයේ සිට ඉහළ සහයෝගයක් ලබාදී තිබුනා.

කෙසේවෙතත් නවදිල්ලිහිදී පැවති අවසන් ටෙස්ට් තරගය අතරවාරයේදී කොළඹ සිටින මොහොමඩ් නිලාම්ගේ පියාට පිළිකාවක් වැළඳී ඇතැයි තොරතුරු දැන ගැනීමට ලැබී තිබෙනවා.

මේ හේතුවෙන් ඔහුට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව ඇති බැවින් මොහොමඩ් නිලාම්ට හදිසියේම ලංකාවට පැමිණෙන ලෙසටයි පවුලේ ඥාතීන් දැනුම්දී ඇත්තේ.

කෙසේවෙතත් ඔහු ඉන්දියාව බලා ගොස් ඇත්තේ යළිත් පැමිණෙන දිනය ලබන 26 වනදා ලෙසට ගුවන් ටිකට්පත් සකස් කර ගනිමින්.

ඒ අවසන් 20 යි 20 තරගයෙන් ද අනතුරුවයි.

එහෙත් 26 වනදාට ටිකට්පත් වෙන්කර ගෙන ඇති බැවින් ඔහුට කඩිනමින් යළිත් යාම සඳහා ටිකට්පත් වෙන්කර ගැනීමට වත්කමක් තිබී නැහැ.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳ ඉන්දීය ක්‍රිකට් ලෝලියෙකු විසින් රෝහිත් ශර්මා දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු පසුගිය 5 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලියෙකු වු මොහොමඩ් නිලාම්ට යළිත් මව්බිමට පැමිණීමට අවශ්‍ය ටිකට්පත් වෙන්කරවා දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව දිවයිනට පැමිණි ඔහුගේ පියාට පසුගිය 9 වනදා ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා.

රෝහිත් ශර්මා තමා වෙනුවෙන් කළ උපකාරය ඔහු කෘතවේදීව සිහිපත් කර ඇතැයි සඳහන්.

ඉන්දීය කණ්ඩායම නවාතැන්ගෙන සිටි හෝටලයට තමා කැඳවා අවශ්‍ය මුදල් ලබාදුන් බවයි මොහොමඩ් නිලාම් වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.

තමාගේ ගුවන් ටිකට්පතේ මුදලට අමතරව පියාගේ ශල්‍යකර්මයට අවශ්‍ය මුදල් ද ඉන්දීය පිතිකරුවා තමාට පිරිනැමු අතර තමා ඒවා ප්‍රතික්ෂේප කළ බවයි මොහොමඩ් නිලාම් පෙන්වා දුන්නේ.

මෙම පුවත සැලවීමෙන් අනතුරුව මේවන විට ඉතාලියේ සිටින විරාත් කෝලි ද අවශ්‍ය කුමක් ද යන්න විමසා පණිවුඩයක් යොමු කර තිබු බව ඔහු සඳහන් කළා.

විරාත් කෝලිගේ විවාහ මංගල්‍යයට ද තමා සුබ පතන අතර ඔහුගේ ද සහයෝගය පිළිබඳ ස්තුතිය පළකරන බවයි මොහොමඩ් නිලාම් කියාසිටියේ.