ඉන්දියාවට ලකුණු 141 ක ජයක්

Wednesday, 13 December 2017 - 19:27

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+141+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 141 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුනා.

මොහාලිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 392 ක් ලබාගත්තා.

නායක රෝහිත් ශර්මා නොදැවී ලකුණු 208 ක් රැස් කළා.

ශ්‍රෙයාස් අයියර් ලකුණු 88 යි.

ශිකර් ධවාන් ලකුණු 68 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 251 ක් පමණයි.

ඇන්ජෙලෝ මැතිව්ස් අද සිය දෙවන එක්දින ශතකය ලබාගැනීමට සමත්වුනා.

ඔහු නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 111 ක්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තුන්වන එක්දින තරගය ලබන ඉරිදා විශාඛාපට්නම්හිදී පැවැත්වීමට නියමිතයි.