මේ වසරේ සහභාගිවූ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 27 කින් 5 ක් පමණක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පිලට අද තවත් අභියෝගයකට මුහුණදීමට සිදුවනවා.
ඒ, ඉන්දියාවේදී ප්‍රථමවරට එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමේ අවස්ථාව නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා එක්දින පිලේ නායක තිසර පෙරේරා සඳහන් කළේ රෝහිත් ශර්මා, ෂිකර් ධවාන් සහ මහේන්ද්‍ර සිං දෝණි කඩිනමින් දවාලීමට තමන් සතුව සැළසුම් පවතින බවයි.
ඉන්දීය පිල අතිදක්ෂ වුවත් විශාකපට්නම් හි පැවැත්වෙන අද තරගයේදී විශේෂ යමක් සිදුකිරිමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා.
දෙවන එක්දින තරගයේදී ශතකයක් රැස් කිරීමෙන් අනතුරුව කායික ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් අද තරගය සඳහා කායික යෝග්‍යතාවකින් පසුවන බව සඳහන්.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 1 බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.
තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කළ අතර, දෙවන තරගයේදී දැවැන්ත ජයක් වාර්තාකිරීමට ඉන්දීය පිල සමත්වුණා.
මේ නිසා අද තරගය ජයගන්නා කණ්ඩායමටයි තරගාවලි ජයග්‍රහණය හිමිවන්නේ.
ශ්‍රී ලංකාව අවසන්වරට ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයගෙන ඇත්තේ 1997 වසරේදී.
මේ නිසා වසර 20 කට පසුව ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවී තිබෙනවා.
අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම සිදුවීමට නියමිතයි.
දිගින් දිගටම අසාර්ථක වන ලහිරු තිරිමාන්න වෙනුවට කුසල් ජනිත් කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩක් පවතින අතර, වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ ස්ථානයට දුෂ්මන්ත චමීර කැඳවීමටද තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා.
එමෙන්ම ධනුෂ්ක ගුණතිලක මැදපෙළට කැඳවා උපුල් තරංග සමගින් නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට වැඩි ඉඩක් ඇති බවත් සඳහන්.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් එක්දින තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි.