තරංග තුන් වැන්නා වෙයි

Sunday, 17 December 2017 - 16:25

%E0%B6%AD%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දීය කණ්ඩායම සමඟ අද ආරම්භ වූ තුන්වන එක් දින තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩයමේ ආරම්භක පිතිකරු උපුල් තරංගට සිය 16 වන ජාත්‍යන්තර එක්දින ශතකය ලබා ගැනීමට තිබූ අවස්ථාව ලකුණු 05කින් ගිලිහී ගියා.

ඒ ලකුණු 95ක් ලබාගෙන සිටි ඔහු කුල්දිප් යාදෙව්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසු කරගැනීමට මහේන්ද්‍ර සිං දෝනි සමත් වීමත් සමඟයි.

පන්දු 82කදී උපුල් තරංග රැස්කළ ලකුණු 95ට හයේ පහර 03ක් සහ හතරේ පහර 12ක් ඇතුළත්.

මේ අතර තරංග අද රැස් කළ ලකුණු 95ත් සමඟ මෙම වසරේදී  ජාත්‍යන්තර එක්දින පිටිය තුල ලකුණු දහස පසුකර යෑමට සමත්වීම විශේෂත්වයක්.

මෙම වසරේදී එක්දින තරඟ 25කට ක්‍රීඩා කර ඇති තරංග රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1011ක් වන අතර සාමාන්‍ය ලකුණු ලබා ගැනීම 48.14ක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව මෙම වසර තු ඇක්දින පිටිය තුලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිත්කරුවන්ගේ ලැයිස්තුවේ 03වන ස්ථානය දක්වා පැමිණීමට තරංග සමත් වීම විශේෂත්වයක්.

මේ වන විට එම සටහනේ පළමු සහ දෙවන ස්ථානයන් හි විරාත් කෝලි සහ රෝහිත් ශර්මා පසුවන්නේ පිළිවෙලින් ලකුණු 1460 සහ 12876ක් ලබා ගනිමින්.

\"\"

තරංගගේ දැවීයාම පහතින්...

rnrnrn\r\n