ඉවත්වීමට හේතුව හතුරු හෙළිකරයි

Monday, 15 January 2018 - 12:29

%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුකරු ධුරයේ කටයුතු කළ චන්දික හතුරුසිංහ එම තනතුරෙන් ඉවත් වීමට හේතුව පළමු වරට හෙළිකර තිබෙනවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශ අතර පසුගියදා නිමාවූ ටෙස්ට් තරඟාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් විවේක ගැන්වීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා.

ප්‍රධාන පුහුණුකරු වශයෙන් තමන් එම අවස්ථාවේ එම තරඟාවලියට ෂකිබ් අල් හසන් ක්‍රීඩා කළ යුතු බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දුන් බව හතුරුසිංහ පවසනවා.

එම අවස්ථාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය තමන්ගේ තීරණය පිළිනොගැනීම තමන් කණ්ඩායමේ ප්‍රධාන පුහුකරු ධුරයෙන් ඉවත්වීමට ආසන්නතම කාරණාව වූ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

පසුගිය නොවැම්බර් මාසයේදී  හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වූ අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පත්කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව පසුගිය දෙසැම්බර් 20 වෙනි දින ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයේ රාජකාරි ආරම්භ කරනු ලැබුවා.

බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාරගත් චන්දික හතුරුසිංහගේ පළමු තරඟ සංචාරය බංග්ලාදේශයේදී අද (15) ආරම්භ වූ  තුන්කොන් තරඟාවලියයි.

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුකරු ධුරයන් ඉවත්වීමට හේතුව සඳහන් කර තිබෙනවා.