ලක්ෂ 75ක් වූ සුපිරි පහර

Tuesday, 16 January 2018 - 11:36

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+75%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB
සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ නවසිලන්ත කණ්ඩායම අතර සිව්වන එක්දින තරඟය මේ වන විට හැමිල්ටන් හිදී ආරම්භ වී තිබෙනවා.

තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 30 තුල කඩුලු 08ක් දැවී ලකුණු 262ක් රැස් කර ගැනීමට සමත් වුණා.

දෙරට අතර පැවති තුන්වන තරඟය ජය ගන්නට නවසීලන්ත කණ්ඩායම සමත් වුණේ ලකුණු 183 කින්.

මේ තරඟාවලිය තුල විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තරඟ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

ඒ තරඟ නරඹන්නන්ට ත්‍යාග මුදල් පිරිනමමින්.

මෙහෙදී තෝරාගත් ප්‍රේක්ෂකයින් කිහිප දෙනෙකුට තරඟය නැරඹීමට පැමිණීමේදී විශේෂිත වූ ටී ෂර්ට් ලබා දෙනවා.

තරඟය අතර තුර පිතිකරුවන් එල්ල කරන දැවැන්ත හයේ පහරවල් ප්‍රේක්ෂකාගාරයේ සිට උඩපන්දු ලෙස රැකගැනීමට එම විශේෂිත වූ ටී ෂර්ට් පැළඳ සිටින ප්‍රේක්ෂකයෙක් සමත් වුවහොත් ඇමරිකානු ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් හිමිවෙනවා.

දෙරට අතර පැවති තුන්වන එක්දින තරඟයේ දී තරඟය නැරඹීමට පැමිණ සිටි ක්‍රෙග් ඩෝග්රි නමැති පුද්ගලයා විසින් ඩොලර් 50,000ක ත්‍යාගක් ජයග්‍රහණය කරනු ලැබුවා.

එම මුදල මෙරට මුදලින් ලක්ෂ 75කට ආසන්න ගණනක්.

ඒ නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටිල් එල්ල කරන දැවැන්ත හයේ පහරක් ප්‍රේක්ෂකාගාරයේ සිට තනි අතින් උඩපන්දු ලෙස රැකගනිමින්.

එම අවස්ථාවේදී හයේ පහර එල්ල කළ මාර්ටින් ගප්ටිල් ඔහුට සිය සුබ පැතුම් එක්කරන්නේ පිතත් ඉහළට ඔසවමින්.

එම අවසථාව පහතින්..

rnrnrnrn\r\n