පිටිය මැද ප්‍රකෝපකාරී වූ කෝලිට දඩ

Tuesday, 16 January 2018 - 14:50

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්පාක් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි.

මෙම තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලිට තරඟය ගාස්තුවෙන් සියයට 25ක දඩමුදලක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් අවුන්සිලිය තීරණය කර තිබෙනවා.

තරඟයේ ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකානු දෙවන ඉනිමේ 25 වන පන්දු වාරයේදී ඉන්දීය නායකයාගේ විනය විරෝධී හැසිරීම හේතුවෙන් ඔහුට මෙම දඩමුදල නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙහිදී කෝලි විසින් පන්දුව තෙත්වී ඇති බවට පවසමින් පන්දු යවන්නන්ට පන්දු යැවීමට අපහසු බව විනිසුරුවන් දැනුවත් කර ඇති අතර එහිදී විනිසුරුවරුන්ගේ ප්‍රතිෂරය සම්බන්ධයෙන් උරණ වූ ඔහු ප්‍රකෝපකාරී ලෙස පන්දුව දමා ගසනවා.

පසුව තරඟ තීරක ක්‍රිස් බෝර්ඩ් විසින් ඒ පිළිබදව කෝලිගෙන කරුණු විමසා ඇති අබව සඳහන්.

කෙසේ වෙතත් අවසානයේදී තරඟ තීරකවරයා තරඟ ගාස්තුවෙන් සියයට 25ක දඩමුදලක් පැනවීමට තීරණය කර තිබෙනවා.

ඉන්දීය නායක විරාට් කෝලි ඊයේ දිනයේදී ඉන්දියානු පළමු ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් ලකුණු 153ක් රැස්කළා.

ඒ, නායකයෙකු ලෙස ටෙස්ට් ලකුණු 150, 8 වතාවකදී ඉක්මවා යමින්.

ඉන්දීය පිළ මුල් ඉනිම සඳහා ලකුණු 307කට දැවී ගිය අතර, මුල් ඉනිමේදී ලකුණු 335ක් රැස් කිරීමට දකුණු අප්‍රිකාව සමත් වූණා.

අදාල සිදුවීම පහතින්..