අවසන් මොහොත තෙක් සටන් කළ තිසරගේ බලාපොරොත්තුව ඩකා ක්‍රීඩාංගනයේදී බොඳව ගිය හැටි

Thursday, 18 January 2018 - 8:06

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%A9%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%9C%E0%B6%B3%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ  සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති තරඟයෙන් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 12ක පරාජයක් හිමිවුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන්  සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 290ක් ලබා ගත්තේ පන්දුවාර 50 තුල කඩුලු 06ක් දැවී සිටියදීයි.

ලකුණු 291ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 278ක් පමණයි.

පන්දුවාර 48.1ක් තුලදී සියලු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැවී ගියා.

අවසන් මොහොත්තේ තිසර පෙරේරා  ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළ ද එයද ව්‍යර්ථ වී ගියා.

ටෙන්ඩායි චටාරාගේ පන්දුවකට ශිකන්දර් රසා වෙත උඩපන්දුවක් ලබා දී තිසර දැවී යන විට පන්දු 37කදී ලකුණු 64ක් ලබාගෙන සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර 03 තෙක් තරඟයේ පාලනය යම්තාක් දුරට තමන් සතුකරගෙන සිටීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් ව සිටියා.

කෙසේ වෙතත් 09 වන කඩුල්ල ලෙස තිසර පෙරේරා දැවී යාමත් සමඟ තරඟයේ පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට යොමු වුණා.

තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර විස්තර විචාරකයි පැවසුවේ තිසරගේ අවාසනාවන්ත දැවීයාම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට ප්‍රධාන සාධකය වූ බවයි.

දෙරට අතර පැවැත්වූ 56වන එක්දින තරඟය මෙය වන අතර සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලැබූ 11 වන ජයග්‍රහණය මෙය වනවා.

තරඟය පැවැත්වුනේ ඩකා නුවර ෂරේ බංග්ලා ක්‍රීඩාංගනයේදීයි.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

rnrnrnrnrnrn\r\n
\r\nrnrnrnrnrnrn


\"\" \"\"