මැතිව්ස්ට තුන්කොන් තරඟාවලිය අවාසනාවන්ත ලෙස අහිමි වෙයි

Thursday, 18 January 2018 - 13:07

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් තරඟාවලිය අහිමි වන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ නායකයා ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරඟය පරාජය වීමට හේතුව මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරඟය ලකුණු 12 කින් පරාජයට පත්වීමෙන් අනතුරුව ඊයේ (17) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන මීළඟ තරඟය බංග්ලාදේශය සමඟ හෙට (19) පැවැත්වෙනවා.