ශ්‍රී ලංකාවට ලකුණු 321 ක ඉලක්කයක්

Friday, 19 January 2018 - 15:14

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+321+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තුන්කොන් එක්දින තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 321 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඩකාහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් රැස් කළා.

තමින් ඉක්බාල් 84 යි.

අනාමුල් හක් ලකුණු 35 ක් සහ ශකීබ් අල් හසන් ලකුණු 67 ක් ලබාගත්තා.

වේගවත් පිතිහරඹයක නිරතවු මුෂ්ෆිකර් රහීම් ලකුණු 62 ක් ලබාගත්තේ පන්දු 52 කින්. මහමුදුල්ලා 24 යි. නසීර්  හුසේන් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

සබීර් රහ්මන් නොදැවී 24 යි.

පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලු 3 ක් සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 ක් බිඳහෙලුවා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

නායක ඇන්ජලෝ මැතිව්ස් සිම්බාබ්වේ සමඟ පැවති පළමු තරඟයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉදිරි තරඟවලට සහභාගි නොවන අතර, අද තරඟයේ කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ දිනේෂ් චන්දිමාල් විසින්.

මෙම තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 12 ක ජයක් හිමිවුනා.