මෙවර රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන ආවා.
එය මෙරටට රැගෙන ආවේ විශේෂ ගුවන්යානයකින්.
මෙවර පාපන්දු ලෝක කුසලානය රටවල් 54 ක සංචාරය කිරීමට නියමිතයි.
මෙරටට රැගෙන ආ පාපන්දු ලෝක කුසලානය අනතුරුව කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී මාධ්‍ය වෙත නිරාවරණය කළා.
1974 වසරේ සිට පාපන්දු ලෝක කුසලාන ජයග්‍රාහකයින් වෙත පිරිනැමෙන කැරට් 18 රනින් නිමවා ඇති මෙම කුසලානය කිලෝග්‍රෑම් 6.1 ක බරකින් යුක්ත වනවා.
මෙරටට රැගෙන ආ පාපන්දු ලෝක කුසලානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත පිරිනැමීම සිදු වුණේ අද උදෑසන ජනාධිපති මන්දිරයේදී.
ඒ සදහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් එක්ව සිටියා.
පාපන්දු ලෝක කුසලානය ලොව වටා රැගෙන යන ගමනේ පළමු නැවතුම ලෙසයි එය මෙලෙසින් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත පාපන්දු ලෝක කුසලානය පිරිනැමීම සිදුවුණේ ඉන් අනතුරුවයි.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී එම උත්සවය පැවැත්වුණා.
විශේෂත්වය වුණේ එම අවස්ථාවේදී ක්‍රීඩා ලෝලීන්ට ද පාපන්දු ලෝක කුසලානය දැක බලා ගැනීමේ අවස්ථාව උදාවීමයි.
අද ශ්‍රී ලංකා සංචාරය අවසන් කළ පාපන්දු ලෝක කුසලානය එහි රටවල් 54 ක් පුරා කෙරෙන සංචාරයේ දෙවන නැවතුම වන මාලදිවයින වෙත රැගෙන ගියා.