කුසල්ගේ තැන ගත් කුසල්

Tuesday, 13 February 2018 - 16:13

%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A
ශ්‍රී ලංකා - බංග්ලාදේශය විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සුපිරි වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරාට අහිමි වී තිබෙනවා.

ඒ ඔහුගේ අබාධය තවමත් සුව නොවීමත් සමඟ විවේක ගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් දීම හේතුවෙන්.

තරඟ දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියට නම් කළ 15දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට කුසල් නම් කර තිබුනා.

නමුත් ඔහුගේ ඉවත්වීමත් සමඟ ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කුසල් මෙන්ඩිස් කැදවා තිබෙනවා.

කුසල් පෙරේරාට වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ ආබාධය සුව අතට පත්වන තෙක් කෙටි කාලයක් විවේක ගත යුතු බවටයි.

බංග්ලාදේශයේ පැවති තුන්කොන් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයකදී ඔහු ආබාධයකට ලක්වුනා.

මෙම ආබාධ තත්වය හේතුවෙන් බංග්ලාදේශය සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලිය සඳහා ඊයේ දිවයිනෙන් පිටත්වු ශ්‍රී ලංකා කණ්ඩායම සමග කුසල් ජනිත් පෙරේරා පිටත්ව ගියේ නැහැ.

දෙරට අතර විස්සයි විස්ස තරඟාවලිය අනිද්දා ආරම්භ වීමට නියමතයි.