බංග්ලාදේශයට දැවැන්ත ඉලක්කයක්

Sunday, 18 February 2018 - 18:13

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් පන්දුවාර විස්ස තරඟයේ  බංග්ලාදේශ නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන්  ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුල කඩුලු 04කට ලකුණු 210ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිව ඇති ඉලක්කය ලකුණු 211ක්.
 
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 42කදී හතරේ පහර 06ක් සහ හයේ පහර 03ක් සමඟින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 70ක්.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 42ක් රැස් කළ අතර පිතිකරණ ලයිස්තුවේ උසස්වීමක් ලබා පන්දුවට පහර දීමට පැමිණි තිසර පෙරේරා වේගවත් ලකුණු 31ක් රැස් කළේ පන්දු 17ක් වැයකරමින්.

අවසන් පන්දුවාර කිහිපය තුල ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබූ උපුල් තරංග සහ දසුන් ශානක පිළිවෙලින් ලකුණු 25ක් සහ 30ක් රැස් කළා.