ශ්‍රී ලංකාවට ලකුණු 75 ක් ජයක්

Sunday, 18 February 2018 - 20:04

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+75+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බංග්ලාදේශය සමඟ පැවති දෙවන් සහ අවසන් පන්දුවාර 20 තරඟය ජය ගන්නට ශ්‍රී ලංකාව අද (18) සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ ලකුණු 75කින්.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව ශ්‍රී  කණ්ඩායමට පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන් අතර නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 210ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 70යි.

කුසල් පන්දු 42කදී රැස් කළ ලකුණු හැත්තෑවට හතරේ පහර 06ක් සහ හයේ පහර 03ක් ඇතුළත්.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 42ක් රැස් කළ අතර පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා පැමිණි තිසර පෙරේරා වේගවත් ලකුණු 31ක් රැස් කළේ පන්දු 17කදී.

උපුල් තරංග ලකුණු 25ක් රැස් කළ අතර දසුන් ශානක නොදැවී ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේදී මොහොමඩ් යසිෆුඩින්, අබු ජෙයිඩ්, සෞම්ය සර්කාර් සහ මුශ්ටෆිසුරි රහීම් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ලකුණු 211ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 03ක් තුලදී  සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 135ක් පමණයි.

පන්දු යැවීමේදී ෂෙහාන් මධුසංක කඩුලු 02ක් බිඳ දැමු අතර ධනුෂ්ක ගුණතිලක කඩුලු 02ක් බිඳ දැමුවා.

මෙම ජයත් සමඟ දෙරට අතර පැවති පන්දුවාර 20 තරඟාවලියේ ජය තරඟ දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව හිමිකර ගත්තා.