රටම ජය සැමරූ අවසන් පන්දුවාර 20 තරඟයේදී වසර 09කට පසු පසුකර ගිය සීමාව

Monday, 19 February 2018 - 8:40

%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%96+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BB+20+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+09%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80
කලකට පසු සාර්ථක තරග සංචාරයක් නිම කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (18) හැකිවුණා.

පසුගිය වසර පුරාවට පරාජයන් රැල්ලකට මුහුණදුන් ඔවුන් මේ වසර ආරම්භ කරමින් බංග්ලාදේශයේ පැවති තුන්කොන් තරඟාවලියේ සහ ටෙස්ට් තරගාවලියේ ජය තමන් සතුකර ගත්තා.

ඉන් නොනැවතුණු ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමඟ පැවති පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියෙන්ද විශිෂ්ට ජයක් ලැබුවා.

බංග්ලාදේශ ශ්‍රී ලංකා අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයට එක්වුණේ නිරෝෂන් දික්වැල්ල වෙනුවට කණ්ඩායමට කැදවූ අමිල අපොන්සුට ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් වරම් හිමිකර දෙමින්.

ඉනිම ආරම්භ කළ කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ලට ලකුණු 98ක විශිෂ්ට සබදතාවක් ගොඩනැගුවා.

ඒ අතරවාරයේ කුසල් තම දෙවන අර්ධ ශතකය වාර්තා කළා.

ධනුෂ්ක ලකුණු 42කට දැවියාමත් සමඟ පළමු කඩුල්ලේ සබධතාව බිඳ වැටුනා.

පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා පැමිණි තිසර පන්දු 17කදී වේගවත් ලකුණු 31ක් රැස්කළා.

ඒ හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින්.

තිසර දෙවන කඩුල්ල සදහා කුසල් සමගින් එක්ව ලකුණු 51ක් එක්කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ කුසල් සිය පන්දුවාර 20 තරග දිවියේ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 70ක්.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුල කඩුලු 4ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 210ක්.

ඔවුන් පන්දුවාර 20 ක්‍රිකට් තරගයකදී ලකුණු 200 සීමාව පසුකර ගිය 06වන අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාව එම කඩයිම පසුකළේ වසර 09කට පසුව වීමද විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමට රිසි සේ ලකුණු ලබාගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පාලනයක් ඇතිව පන්දු යැවූ ඔවුන් ප්‍රතිවාදී ඉනිම පන්දුවාර 18යි පන්දු 4ක් තුල ලකුණු 135කට සිමා කළා.

නායක මහමදුල්ලා පමණක් එක අන්තයක හුදකලා වෙමින් ලකුණු 41ක් රැස්කළා.

පන්දු යැවීමේදී ධනුෂ්ක ගුණතිලක සහ ෂෙහාන් මදුශංක කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ශ්‍රී ලංකාව මෙම තරගය ජයගත්තේ ලකුණු 75කින්.

අවසන් තරඟයේ මෙන්ම තරඟාවලියේ වීරයා ලෙසින්ද සම්මාන ලබන්නට කුසල් මෙන්ඩිස් සමත් වුනා.

නොකඩවා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලි 03ක් පරාජය වීමෙන් පසුවයි ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ පැවති මෙම තරගාවලිය ජය ගත්තේ.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.