හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පුත්‍රයෙක් සියදිවි නසා ගනී

Tuesday, 20 February 2018 - 17:16

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අමීර් හනීෆ් ගේ පුත්‍රයා වන මොහොමඩ් සරීබ් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

ඒ 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට තමා තෝරා නොගත් බවට ඇතිවු සිත් තැවුලක් හේතුවෙන් බවටයි අනාවරණ වී ඇත්තේ.

මොහොමඩ් සරීබ් ඊයේ මෙලෙස සියදිවි නසාගෙන ඇති අතර ඔහු හිටපු ක්‍රීඩකයාගේ වැඩිමහල් පුත්‍රයායි.

පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් 1990 වසරේ දී එක්දින තරග 5 කට ක්‍රීඩා කළ අමීර් හනීෆ් ප්‍රකාශ කර ඇත්තේ තම පුත්‍රයා 19 න් පහළ කණ්ඩායමට තෝරා නොගැනීම හේතුවෙන් දැඩි සිත් තැවුලකින් පසුවු බවයි.

තම පුත්‍රයාගේ වයස වැඩි බව පවසා 19 න් පහළ කණ්ඩායමට නම් කිරීම ප්‍රතික්ෂේප වී ඇතැයි පකිස්ථාන හිටපු ප්‍රවීණයා ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේදී පකිස්ථාන 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ මොහොමඩ් සරීබ් ලාහෝර් නුවර පැවති තරගයකට ක්‍රීඩා කර තිබුනා.

අනතුරුව ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් ඔහු විවේක ගැන්වීමටයි කණ්ඩායම් බලධාරීන් පසුව කටයුතු කර ඇත්තේ.

කෙසේවෙතත් ඔහු ඊට අකමැත්ත පළකර තිබු අතර යළිත් කණ්ඩායමට කැඳවන බවට ලබාදුන් පොරොන්දුවකට අනුවයි ඔහු ඉවත්වී ඇත්තේ.

එහෙත් වයස වැඩි බවට පවසමින් පසුගියදා ඔහු යළිත් කණ්ඩායමට නම් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පුහුණුකරුවන් විසින් සහ 19 න් පහළ කණ්ඩායමේ කටයුතුවලට මැදිහත්වන පිරිස් විසින් තම පුත්‍රයාට සියදිවි නසා ගැනීමේ  තත්වයකට පත්කර ඇතැයි අමීර් හනීෆ් චෝදනා කරනවා.

මෙවැනි තත්වයන් ඉදිරියේදී සිදුවීම වලක්වා ගත යුතු බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

\"\"


rnrnrnrn\r\n
rnrnrnrn\r\n

Aamer Hanif the former international cricketer & father of late Muhammad Zaryab telling the reason pic.twitter.com/NlqKnmFHgo

\r\nrnrnrnrn— Shoaib Jatt (@Shoaib_Jatt) February 20, 2018
\r\nrnrnrnrnrnrnrn\r\n