ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

Tuesday, 06 March 2018 - 22:26

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+5%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුනා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 174ක් රැස් කළා.

වේගවත් පිතිහරඹයක නිරතවූ ශිකර් ධවාන් ලකුණු 90 ක් ලබාගත්තේ පන්දු 49 කින්.

හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් ඊට ඇතුලත්  වුනා.

මනීෂ් පාන්ඩේ 37 යි. පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් පෙරේරා ලකුණු 66 ක් ලබා සිටියදී දැවී ගියා.

පන්දු 37 කින් ඔහු ලබාගත් වේගවත් ලකුණු 66 ට හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් ඇතුලත් වුනා.

ධනුෂ්ක ගුණතිලක පන්දු 12 කින් ලකුණු 19 ක් ලබාගත්තා.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 14 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 11 ක් රැස් කලා.

දසුන් ශානක නොදැවී ලකුණු 15 ක් සහ තිසර පෙරේරා නොදැවී ලකුණු 22 ක් රැස් කළා.

තරගයේ වීරයා සම්මානය කුසල් පෙරේරාට හිමිවුණා.