බංග්ලාදේශයට 215ක ඉලක්කයක්

Saturday, 10 March 2018 - 20:59

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+215%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට බංග්ලාදේශයට ලකුණු 215ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 214ක් රැස් කළා.

වේගවත් පිතිහරඹයක නිරතවූ කුසල් මෙන්ඩිස් ලකුණු 57 ක් ලබාගත්තේ පන්දු 50 කින්.

ඔහු සිය 3 වන 20 යි 20 අර්ධ ශතකය ලබාගත්තේ පන්දු 26 කින්.

කුසල් ජනිත් පෙරේරා ද වේගවත් ලකුණු 74 ක් ලබාගත්තේ පන්දු 48 කින්.

ඊට හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත් වුනා.

ඔහු අද ලබාගත්තේ තම 9 වන 20 යි 20 අර්ධ ශතකයයි.

උපුල් තරංග ද පන්දු 15 කින් නොදැවී ලකුණු 32 ක් ලබාගත්තා.

ධනුෂ්ක ගුණතිලක ද පන්දු 19 කින් වේගවත් ලකුණු 26 ක් රැස් කළා.

දසුන් ශානක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 2 යි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ බංග්ලාදේශ පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.