පෝල් ෆ්‍රාබේස්ට ඇරයුමක්

Wednesday, 14 March 2018 - 7:18

%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා කළ ඇරයුම එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරු පෝල් ෆ්‍රාබේස් ප්‍රතික්ෂේප කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ ඉවත්වීමෙන් පසු එම තනතුර තවමත් පුරපාඩුව පවතිනවා.

මීට පෙර පෝල් ෆ්‍රාබේස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරේ කටයුතු කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරේ පන්දුවාර 20-20 ලෝක කුසලානය ජයගැනීමට සමත් වුණේ ඔහුගේ පුහුණුකාරිත්වය යටතේයි.  

ඉන් පසුව ෆ්‍රාබේස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත්ව එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු තනතුරේ කටයුතු කිරීමට තීරණය කළා.

කෙසේ වෙතත් ඔහුව බංග්ලාදේශ කණ්ඩායම සමඟ සම්බන්ධ කර ගැනීමෙ උත්සාහය තවමත් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් අත්හැර නොමැති බවයි වාර්තා වන්නේ.