ශකීබ් අල් හසන්ට සහ නුරුල් හසන්ට දඩ

Saturday, 17 March 2018 - 15:25

%E0%B7%81%E0%B6%9A%E0%B7%93%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන්ට සහ නුරුල් හසන්ට තරග මුදලින් සියයට 25 ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ඔවුන්ට අසාදු ලකුණ බැගින් ද හිමිවන බවයි ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ සිදුවු සිදුවීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම දඩ මුදල සහ අසාදු ලකුණු පැනවීම සිදුකර තිබෙනවා.

2016 වසරේ සැප්තැම්බර් 22 වනදා මෙම අසාදු ලකුණු ක්‍රමය හඳුන්වාදීමෙන් පසු ශකීබ් අල් හසන්ට සහ නුරුල් හසන්ට එම ලකුණු ලැබුනු පළමු අවස්ථාව මෙයයි.

බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ 19 වන පන්දු වාරයේදී විනිසුරු තීරණයකට එරෙහිවීමක් පිළිබඳ සිය පිතිකරුවෙකුට හතරේ සීමාවට කැඳවා උපදෙස් ලබාදීම හේතුවෙන් ශකීබ් අල් හසන්ට දඩ නියම කෙරුනා.

නුරුල් හසන්ට දඩ නියම කෙරුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරාට ඇගිල්ල දිගු කර කිසිවක් කෝපයෙන් ප්‍රකාශ කිරීම හේතුවෙන්.

ඔහු එලෙස සිදු කළේ සිය පිතිකරුවන් දෙදෙනාට උපදෙසක් ලබාදීමට පිටියට පිවිසි අවස්ථාවකදීයි.

මෙම දඩ මුදල් සහ අප්‍රසාද ලකුණු ලබාදීම ඔවුන් දෙදෙනා පිළිගෙන තිබෙනවා.

එබැවින් ඒ පිළිබඳ තවදුරටත් විමර්ශණ සිදු නොකෙරන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශකර ඇත්තේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක කමිටුවේ සාමාජික ක්‍රිස් බෝඩ් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මට්ටමේ තරගයකදී මෙවැනි සිදුවීම් දක්නට ලැබීම ඉතා කණගාටුදායක බවයි.

තරගය ඉතා තීරණාත්මක මෙන්ම උණුසුම් මුහුණුවරක පැවති එකක් වුව ද නුරුල් හසන්ගේ සහ ශකීබ් අල් හසන්ගේ ක්‍රියාව අනුමත කළ නොහැකි බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

එමෙන්ම විනිසුරුවරුන් එම අවස්ථාවේදී මතබේධාත්මක තත්වය වැලැක්වීමට මැදිහත් නොවුයේ නම් තත්වය මීට වඩා කණගාටුදායක වනු ඇතැයි ද ක්‍රිස් බෝඩ් සඳහන් කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති නිදහස් කුසලාන තරඟයේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සහය වන බවයි.

නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ තියුණු සටනකින් පසු ශ්‍රී ලංකාව පරදා අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරඟය අතරතුර කණ්ඩායම් දෙක අතර පැවති දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පැවති අතර බංග්ලාදේශ ක්‍රීඩකයන් විනිසුරුවන්ට විරෝධය දක්වමින් ප්‍රමාණය ඉක්මවා ජයග්‍රහණය සමරමින් කටයුතු කළ අයුරක් දක්නට ලැබුණා.

තරඟය අවසන්වීමට පන්දු දෙකක් තිබියදී නිපන්දුවක් ලබා නොදුන් බවට විරෝධය පා සිය පිතිකරුවන් ක්‍රීඩාගාරය වෙත කැදවීමට ද නායක ශකීබ් අල් හසන් උත්සාහයක නිරත වුණා.

බංග්ලාදේශ ක්‍රීඩකයන් කෙසේ හෝ ජයග්‍රහණය හිමි කර ගත්ත ද එය අප්‍රසාදජනක ජයක් බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

ජයග්‍රහණයෙන් අනතුරුව ඔවුන් සිය විවේකාගාරයේ වීදුරු බිඳ අලාභ හානි කර ඇති අයුරු ද ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 159ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දු වාර 19යි පන්දු 5ක් තුළ කඩුලූ 8ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

\r\n
\r\nrnrnrnrnrn\r\n
\r\nrnrnrnrnrnrnrnrnrn\r\n