නිදහස් කුසලාන අවසන් මහා තරගය අද

Sunday, 18 March 2018 - 8:14

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතයි.

රාත්‍රී 7 ට තරගය ආරම්භ වනවා.

මේ අතර ශ්‍රී ලංකාව සමග සිකුරාදා පැවති නිදහස් කුසලාන තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කනස්සල්ල පළ කර තිබෙනවා.

එමෙන්ම ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ හැසිරීම් පිළිගත නොහැකි බවයි එමඟින් ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

තරගයේ පීඩනයට මුහුණදීමේදී අපේක්ෂිත වෘත්තීයමය භාවය බංග්ලාදේශ ක්‍රීඩකයන් වෙතින් පිළිබිඹු නොවූ බව එමඟින් පිළිගෙන තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රැකගන්නා ලෙස ඔවුන්ට සිහිගැන්වීමක් සිදුකළ බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

සිකුරාදා පැවති නිදහස් කුසලාන තරගයෙන් තියුණු ජයක් ලැබූ බංග්ලාදේශ පිලේ ක්‍රීඩකයන් තරගයේ අවස්ථා කිහිපයකදී කළහකාරී හැසිරීම් ප්‍රදර්ශනය කළ අතර, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඔවුන් රැඳී සිටි ක්‍රීඩාගාරයටද අලාභහානි සිදුකර තිබුණා.

එහි ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන්ට සහ නූරූල් හසන්ට තරග ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් පැනවීමට සහ ප්‍රසාද ලකුණු කපා හැරීමක් සිදුකිරීමටද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පියවර ගත්තා.