අද තරඟය ඉන්දියානු යොවුන් ක්‍රීඩකයන් සහ බංග්ලාදේශ ප්‍රවීනයන් අතර සටනක්

Sunday, 18 March 2018 - 13:51

%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
අද (18) පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ අවසන් මහා තරඟය ඉන්දියානු යොවුන් ක්‍රීඩකයන් සහ බංග්ලාදේශ ප්‍රවීන ක්‍රීඩකයන් අතර සටනක් බව ක්‍රීඩා විචාරකයන් හඳුන්වනවා.

ඉන්දීය පිලේ නායක විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි ඇතුලු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මෙම තරඟාවලිය සඳහා සහභාගි වන්නේ නැහැ.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට සුරේෂ් රයිනා, දිනේෂ් කාර්තික් සහ මනිෂ් පාණ්ඩේ යන පළපුරුදු ක්‍රීඩකයන් ද ඇතුළත්.

එහෙත් ඔවුන් විශේෂයෙන් බලාපොරොත්තු තබා සිටින්නේ නිදහස් කුසලාන තරඟාවලියට එක්වන යොවුන් ක්‍රීඩකයන් පිළිබඳවයි.

විශේෂයෙන් වොෂින්ටන් සුන්දර් මෙම තරගාවලියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් එනම් කඩුලු  07 ක් දවාගෙන සිටින අතර, බංග්ලාදේශ ක්‍රීඩකයන් අසීරුතාවට පත් කිරීමට සමත්වූ පන්දු යවන්නෙක්.

ඊට අමතරව විජේ ශංකර්, ෂර්දුර් ටාකූර් සහ යුස්වේන්ද්‍ර චහාල් යන නවක ක්‍රීඩකයන් වෙතින්ද දස්කම් අපේක්ෂා කෙරෙනවා.

නිදහස් කුසලාන තරඟාවලියේ මුල් වටයේ තරඟ දෙක ඇතුලුව ඉන්දියාව සහ බංග්ලාදේශය අතර මෙතෙක් පැවති විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ සියල්ලෙන්ම ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.

බංග්ලාදේශ ක්‍රීඩක මහමුදුල්ලාට විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු දහස රැස් කිරීමට ඇත්තේ තවත් ලකුණු 04 ක් පමණයි.

බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් ප්‍රකාශ කළේ පීඩනය අභිබවා සාමාන්‍ය තරඟයක් ලෙස සළකා අද තරඟයට මුහුණදෙන අතර, ජයග්‍රහණය අපේක්ෂා කරන බවයි.