නිදහස් කුසලානය ඉන්දියාවට

Monday, 19 March 2018 - 0:23

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
නිදහස් කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

ඒ බංග්ලාදේශය සමග පැවති අවසන් මහා තරගය කඩුලු 4 කින් ජය ගනිමින්.

කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8කට ලකුණු 166ක් රැස් කළා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සබීර් රෙහෙමාන් ලකුණු 77ක් රැස් කළේ පන්දු 50කදී හතරේ පහර 07ක් සහ හයේ පහර 4ක් සමඟින්.

මහමදුල්ලා ලකුණු 21ක් රැස් කළ අතර තමිම් ඉක්බාල් ලකුණු 15ක් රැස් කළා.

මෙහෙදී හසන් නොදැවී ලකුණු 19යි.

පන්දු යැවීමේදී දඟ පන්දු යවන ක්‍රීඩක යුශ්වේන්ද්‍ර චාහල් පන්දුවාර 4 තුල ලකුණු 18කට කඩුලු 03ක් බිඳ දැමු අතර ජාදෙව් උනට්කට් කඩුලු 2ක් බිඳ දැමුවා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 167ක්.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රෝහිත් ශර්මා 56 යි, ලෝකේෂ් රාහුල් පන්දු 14 කින් වේගවත් ලකුණු 24 ක් ලබාගත්තා.

තරගයේ ජය ඉන්දියාවට ලඟා කර දුන් දිනේෂ් කාර්තික් පන්දු 8 කින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 29 ක්.

තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමිවු අතර තරගාවලියේ වීරයා සම්මානය හිමිවුයේ ඉන්දීය කණ්ඩායමේ වොෂින්ටන් සුන්දර්ටයි.

දෙපිළටම තීරණාත්මක වූ තරඟයේ අවසන් පන්දුවාරය පහතින්.



\"\" \"\"