බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව, ඉන්දීය සුපිරි ක්‍රීඩකයා රිදෙන්න කී සැර කතාව

Monday, 19 March 2018 - 11:50

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
බංග්ලාදේශ කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින්ට එරෙහිව ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවිය යුතු බව ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පසුගිය 16 දා පැවැති තරඟයේ දී කලහකාරී ලෙස හැසිරීමට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායමට මෙම දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පවසන්නේ.

\"අමතක කරන්න එපා, මේක නිදහස් කුසලාන තරඟාවලියක්, මේක නිකම් සාමාන්‍ය තරගාවලියක් නෙමෙයි. කණ්ඩායමේ නායකයා හැම විටම ආදර්ශමත් වෙන්න ඕන. මමත් මේ වගේ දේවල් වලට සම්බන්ධ වී තියනවා. නමුත් ඒවා මම පෞද්ගලිකව සම්බන්ද වුන දේවල්. එත් මෙතන කණ්ඩායමක් විදිහට නායකයාගේ සහයෝගයෙන් මේ දේවල් සිද්ධ වුනේ. මේක  ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හොද දෙයක් නෙමෙයි. ඔබ නැවතත් හැරී බැලිය යුතු සිදුවීමක්, ඔවුන් ලැජ්ජවෙන්න ඕන මේ සිද්ධිය ගැන. මේ නිසා බංග්ලාදේශය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් පවා අහිමි කරගත්තා.\"

\"විනිසුරු තීරණවල වැරදි තිබුණා තමයි. නමුත් ඒවා තරඟයක වෙන්න පුළුවන් දේවල්, ඔබට ඔබගේ ක්‍රීඩකයන් පිටියෙන් පිටතට කැඳවන්න බෑ. ඒ වගේම ක්‍රීඩාංගනයේ දේපල වලට හානි කිරීම හරිම අවලස්සන සිදුවීමක්.\"

යනුවෙන් හර්බජන් සිං වැඩිදුරටත් පවසා සිටි අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය හිටපු ක්‍රීඩක නිකිල් චොප්රා ද අදහස් දක්වා තිබෙනවා.